බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද?

මෙවර අප ඔබව දැනුවත් කරන්නේ වෙසක් (මැයි) මස පසළොස්වක පොහොයේ වැදගත්කම ගැනයි.

ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.

සිංහල ලිතට අනුව අපේ මාස 12

බක් (අප්‍රේල්)
වෙසක් (මැයි)
පොසොන් (ජුනි)
ඇසළ (ජුලි)
නිකිණි (අගෝස්තු)
බිනර(සැප්තැම්බර්)
වප් (ඔක්තෝම්බර් )
ඉල්(නොවැම්බර්)
උදුවප් (දෙසැම්බර් )
දුරුතු (ජනවාරි)
නවම් (පෙබරවාරි)
මැදින් (මාර්තු)

මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය

මේ පොහොය සතරින් බෞද්ධයාට වැදගත්ම පොහොය වන්නේ පුර පසළොස්වක පොහොය දිනයයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.

වෙසක් පුර පසළොස්වක පෝය (මැයි මාසය) වැදගත්කම.

සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුන් වහන්සේ ගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයකි.
කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම.
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම, එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.
අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.
දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.
කිසාගෝතමී දේවිය විසින් “නිබ්බුතා නූන සා මාතා”යන නිබ්බුත පද පැවසීම.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.
ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.
දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.
මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.
සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝය වීම.