බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද?

මෙවර අප ඔබව දැනුවත් කරන්නේ මැදින් (මාර්තු) මස පසළොස්වක පොහොයේ වැදගත්කම ගැනයි.

ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.

සිංහල ලිතට අනුව අපේ මාස 12

බක් (අප්‍රේල්)
වෙසක් (මැයි)
පොසොන් (ජුනි)
ඇසළ (ජුලි)
නිකිණි (අගෝස්තු)
බිනර(සැප්තැම්බර්)
වප් (ඔක්තෝම්බර් )
ඉල්(නොවැම්බර්)
උඳුවප් (දෙසැම්බර් )
දුරුතු (ජනවාරි)
නවම් (පෙබරවාරි)
මැදින් (මාර්තු)

මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය

මේ පොහොය සතරින් බෞද්ධයාට වැදගත්ම පොහොය වන්නේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි.

මැදින් පුර පසළොස්වක පොහොය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.

මැදින් පුර පසලොස්වක පෝය (මාර්තු මාසය)

* බුදු රජාණන් වහන්සේ 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
* කිමුලවත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසිම.
* යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
* රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.