බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද?
මෙවර අප ඔබව දැනුවත් කරන්නේ නිකිණි පුර පසලොස්වක පෝය (අගෝස්තු මාසය) පොහොයේ වැදගත්කම ගැනයි.
ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.
සිංහල ලිතට අනුව අපේ මාස 12
බක් (අප්‍රේල්)
වෙසක් (මැයි)
පොසොන් (ජුනි)
ඇසළ (ජුලි)
නිකිණි (අගෝස්තු)
බිනර(සැප්තැම්බර්)
වප් (ඔක්තෝම්බර් )
ඉල්(නොවැම්බර්)
උදුවප් (දෙසැම්බර් )
දුරුතු (ජනවාරි)
නවම් (පෙබරවාරි)
මැදින් (මාර්තු)
මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි.
මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය
මේ පොහොය සතරින් බෞද්ධයාට වැදගත්ම පොහොය වන්නේ පුර පසළොස්වක පොහොය දිනයයි.
නිකිණි පුර පසලොස්වක පෝය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.
නිකිණි පුර පසලොස්වක පෝය (අගෝස්තු මාසය) වැදගත්කම
ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීම.
අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම.
පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම.
දළදා පෙරහැර පැවැත්වීම.
