අපගේ පරමාර්ථ පොදුවේ කරුණු 10 ලෙස පෙළ ගැස්වුනි. ඒවා මෙසේය.

  1.  රටේ ජිවත්වන සියළු ආගම්ක ඇදහිලි සහිත ජාතීන් අතර සහයෝගය සහ සහජීවනය වැඩි දියුණු කිරීම තුලින් රටේ දියුණුවට බාධාවක්ව පවතින ඛෙදුම්වාදී මතවාද තුරන් කිරීම.
  2. ධනාත්මක චින්තනය ඔස්සේ එදිනෙදා ජීවන රටාව හැඩගස්වා ගතයුතු ආකාරය ගැන සමාජය දැනුම්වත් කිරීම තුළින් සමාජ ආකල්පමය සංවර්ධනයක් ඇතිකිරීම.
  3. කෘෂිකාර්මික සහ වාරිමාර්ගික ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂම සහ ඵලදායී නොවන අවස්ථා පිලිබඳ අධ්‍යනයනය කිරීම තුලින් ඒවා සකස් කරගැනීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම.
  4. රටේ සමස්ථ ජන ජීවිතයට බලපෑ හැකි අනාගත තර්ජන ගැන අවධානය යොමුකර ඒ පිලිබඳ සමාජය දැනුවත් කිරීම.
  5. ළමා හා වැඩිහිටි සුභ සාධනය වෙනුවෙන් සංවිධානාත්මක ලෙස ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මකවීම.
  6. සංස්කෘතික බටහිරකරණයත් සමග දේශීය සමාජ රටාවට බලපා ඇති තර්ජන වන මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු සමාජ විෂමාචාරයන්ගෙන් සමාජයට වන හානිය ගැන දැනුවත් කිරීම තුලින් යහපත් ජන සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීම.
  7. දේශීය සංස්කෘතික උරුමයන් ලෙස සැලකිය හැකි ඓතිහාසික සිද්ධස්ථාන ආගමික මධ්‍යස්ථාන සහ ඓතිහාසික ලේඛන සටහන් පිලිබඳ විමර්ශණය කිරීම තුලින් රටට වැඩදායී විය හැකි කරුණු හෙළිදරව් කිරීම සහ එම ස්ථාන සංරක්ෂණය කිරීමට නීත්‍යානුකූල ලෙස පියවර ගැනීමට බලධරයන්ට දන්වා සිටීම.
  8. පාරම්පරිකව පැවත ආ දේශීය තාක්ෂණික දැනුම සොයා එය ඉස්මතුකොට ඒ තුලින් සමාජයට ලබාගත හැකි ගුණාත්මක සාධකයන් නැවත සමාජගත කිරීම.
  9. මනෝ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ නිසියාකාරව ධර්මය සමාජගත කිරීම තුලින් වත්මන් සමාජයේ බහුලව පවතින මානසික ආතතිය ආදී ගැටළු අවම කිරීමට අවශ්‍ය ආධ්‍යාත්මික මග පෙන්වීම සිදු කිරීම සහ යහපත් සමාජ ආකල්පමය සංවර්ධනයක් සිදු කිරීම.
  10. රටේ කාලීන අවශ්‍යතා සලකා බලා සමාජ සුභ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.