වර්තමානය තුල අප ගතකරමින් සිටින්නේ අති ධාවනකාරී අධික පාරිභෝජන රැල්ලකය. විශේශයෙන් අද වන විට සියලු සිද්ධාන්තයන්, මූලදර්මයන් බටහිර චින්තනය මුල් කරගනිමින් බිහිවී ඇත. දේශීය චින්තනයන් හර පද්ධතීන් සියල්ල විනාශ මුඛයට ඇද වැටී ඇත.
බටහිර ක්රනමයට අනුව සියලු ගහ කොල සතා සිව්පාව අනෙකුත් සොබාවික සම්පත් සියල්ල මිනිසාගේ පරිහරන සඳහා නිර්මානය වී ඇත. වසර බිලියන ගනනක ස්වබාවික ක්රිායාවලියන්ගෙන් සෑදුන ගහකොල සහිත වනන්තර සංවර්ධනයේ මුවාවෙන් විනාශ කරමින් පවතී. පිරිසිදු ජලය විශාල ලෙස අපවිත්ර කරමින් පවතී.සියලු සත්වයන්ට සහජීවනෙය්න් ජීවත් වීම තිබූ මහපොලවේ සින්නක්කර අයිතිය මනුස්සයා අතට ගෙන ඇත. ඒවායේ අයිතීන සම්බන්දයෙන් සම්මුතීන් පනවාගෙන ඇත. මහ පොලවේ බිම් කොටසකට අය්තියක් ඇතේ මනුස්සයට පමනි. අනෙකුත් සතා සිවුපාවුන් මිනිසා විසින් නියම කරන ලද ප්රලදේශයකට කොටුවී ජීවත් විය යුතුය. එසේ නොමැති වූ විට එම සතුනට ජීවිතයෙන් වඳිගෙවීමට පුලුවනි. මිනිසාට වැසිකිලි කැසි කිලි යාමට වෙනම තැන් සාදාගෙන ඇත. එසේ කරන මින්සා තම නිවස ඉදිරිපිට හෝ පාරේ ඉන්න බල්ලෙක් බලලෙක්ට තම කර්තව්යස නිදහසේ කර්ගෙන යාම්ට ඉඩොනොදෙති. එපමනක්ද තම ලින්ගික කටයුත්ත කර ගැනීමට නිදියහනට හෝ වෙනත් ඒ සඳා පහසුකම් ඇති ස්තානවලට යන මිනිසා පාරේ එම ක්රිියව කරන සතෙකු දුටු විට අවි අමෝරා උන්ට පහර දෙති. මෙසේ අනෙකුත් සතුන්ගෙ මූලික අයිත්වාසිකම් අමු අමුවේ උදුරාගෙන ඇත. මුහුද සඳහාද ගුවන සඳහාද මෙසේ නීති රීතීන් අයිතීන් පනවාගෙන ඇත. දියුනුවක තරම?

පසු ගිය වසර පන්සීයක පමන පුරාවට බටහිරයන් තම දියුන පිලිබඳ උදම් අනමින් මහපොලවෙ ස්වබාවික සම්පත් අමු අමුවේ මන්කොල්ලකෑමේ යෙදුනේය. ඒවාට විරුද්ද වුනු සියලු ජාතීන්ට සමාදානයේ සැතපීමේ අවස්තාව උදාකර දුනි. තරගාරීත්වය යැයි වචනයක් ශබ්ධකෝශයට හඳුන්වාදී තරගයෙන් පරදින බහුතරයකට සම්පත් පාරිබෝජනය කිරීමේ අයිතිය අහුරා දමා ඇත.

භූගෝලීය පිහිටීම මත තීරනය වන්නවූ සාදකයක්වූ අපට උරුම වූ ආහාර සන්ස්කෘතිය විනාශ කර ඔවුන්ගේ භූගෝලීය පිහිටීමට අදාල වූ අහාර සන්ස්කෘතියක් අපට හඳුන්වාදී අප ජාතියට ක්රමයෙන් ස්වබාවික මරනයක් අත්වීමට ඉඩකඩ සියල්ල සපුරාදුනි. ඒ සියල්ල දෙවියන් වන්සේගේ නාමයෙන් වන්නට විය. ඉතා විශිෂ්ට තත්වයකින් පැවති දේශීය වෙදකම මුලින් උපුටා දමා බටහිර වෙදකම ස්තාපිත කරන ලදී.

මිනිසා ඇතුල සියලු සත්වයින් සොභාදමේ නිර්මාණයන්ය.සොබාදහමේ කිසිවක් තනි අමුද්රනව්යකක් හෝ සංයෝගයක් ලෙස නොපවතී.එය සොබ දහමේ පොදු රීතිය වේ.අපිට ඔක්සිජන් පමනක් ආශ්වාස කර නොහැක.ආහරද එසේමය.අපිට පිශ්ටය ප්රෝිටීන් මේදය තනිවම ආහරයට ගත නොහැක.ඒ සඳහා එම සංගටක අඩංගු ආහර පාරිබෝජනය කර යුතුය..අප සිරුර් අභ්යටන්තරයේ ඇති ඉන්ද්රී න් එම සංගටක එම පෝශක වෙනම උරාගැනීමට හැකි ලෙස නිර්මාණය වී ඇත.මින්සා හැර බොහෝ සත්වයින් රෝගාතුර වූ විට ඊට ප්ර ති කර්ම ලෙස විවිද ශාක කොටස් ආහරයට ගනී.කිසිම සතෙකු සංගටක ලෙස ඒවා ආහරයට නොගනී.පෙරදිග විශේශයෙන් හෙල වෙදකමද එසේ සකස්වූවකි.ශාකවල මුල් පොතු පස්පන්ගුව වෙදකම සඳහා ලබාගැනීමේ ක්රේමවේදය සකස්වී ඇත්තේ එම සොබා දර්මයේ පොදු රීතිය අනුගමනය කරමිනි කුමක්ද අමුද්රරව්ය‍ ලෙස හෝ සංගටක ලෙස නොගැනීමේ ක්ර්මවේදයයි.මෙම බටහිර චින්තනය සොබ දහමේ පොදු රීතිය උල්ලගනය කරනුලබන චින්තනයකි.ඊට අනුව නොබෝ කලකින් ආහර නොගෙන සිරුර වර්දනයට අවශ්ය විවිද පෝශක කොටස් අඩන්ගු බෙහෙත් පෙත් කරල් වෙලදපොලෙන් මිලදීගැනීමි භග්යො අප මනුස්ස වර්ගයාට හිමිවනු ඇත.

සොබා දහම තුල සිටිනා සියලු සතුන් පන්චෙන්ද්රියට අමතරව සයවන ඉන්ද්රිනයක ප්රගයෝජනය ලබාගනී.අද වන විට මිනිසා පමනක් එයින් බැහැරවී ඇත.කුමක්ද එය.’ඉව”.බටහිර විද්යා‍ව පහල වන්නට පෙර මින්සා ගොවිතැන් කෙරුවේය.කලට වේලවට වර්ශාව බලා දැනට වඩා ක්ර මවත්ව එය සිදු කලේය.ඉදිරියේදී සිදුවිය හැකි අපල උපද්රේව කල්තියා දැන ගත්තේ “ඉව” පාවිච්චි කරය.අද ඒ සඳා උපකරන ආදේශ වී ඇත.මේ සියල්ල සලකා බලන කල බටහිර විද්යාලව යනු මිනිසා සොබාදහමෙන් ඈත් කරනා මෙවලමක් වී ඇත.එය හෙතුකොට විවිද අප උපද්රහවයන් ඇතිවීමේ සීග්ර තාවය ඉහල ගොස් ඇත.අවාසනාවක මහතනම් මිනිසාගේ ක්රිඇයාකරකම්වලින් මුලු මහත් ලෝකවාසී සත්ව ශාක කොටස් වලට දුක් කරදරවලට මුහුන පාන්නට වීමයි.

බටහිර චින්තනය යනු රේකීය චින්තනයකි.එහි සියලු ක්රිනයාවලීන් වලට ආරම්බයක් අවසානයක් ඇත.එසේම අගක් මුලක් සෙවීමට අපන වෙහෙස වෙති.පදාර්තය කෑලි ව්ලට කඩා මූලද්ර ව්ය්යම එලෙක්ට්රෝකන නියුට්රෝනන අදී තවත් බොහෝ අන්ශූන් සොයමින් එක අතකින් වෙහෙසෙන අතර තවත් සූර්යන් චක්රාීවට නෙබ්යුලාවන් කලු කුහර හොයමින් විශ්වයෙ කොනක් සොයමින් කාලය වෙහසවයි.කාලයෙන් කාලයට සොයගන්න දෑ නොබෝ දිනකින් පුස්සක් වෙයි.මෙහි අවසානයක් නැත.

චක්රීනය චින්තනයක් ඇති අප පෙරදිග චින්තය සියල්ල දෙස උපේක්ශාවෙන් බලා සමනාතමතාව පදනම්කරගෙන බිහිව්වූ චින්තනයකි.එවැනි චින්තනයන් පදනම් කර්ගෙන ගොඩනැගෙන සියලු දෑ මුලු මහත් සත්ව ශාකයන්ටම හිතර වටපිටාවක් බිහිකරන්නේය.පමා නොවී ආපසු හැරීමේ කාලයයි මේ..