ආයුබෝ වේවා...!

“යළි පිබිදෙන හිරු දරුවෝ”, ඔබව සාදරයෙන් පිලිගන්නවා…!
කරුණාකර මේ වෙබ් අඩවියේ අදහස් නිදහස් වෙලාවක වෙන්කරගෙන අවධානයෙන් කියවන ලෙස ඔබෙන් ඉල්ලීමක් කරනවා.

අපගේ ප්‍රවෘත්ති

අපගේ සංවිධානයේ අලුත්ම වැඩසටහන්, දැනුම සහ වෙනත් කරුණු ගැන දැනගන්න අපගේ ප්‍රවෘත්ති පිටුවට පිවිසෙන්න.

කියවන්න

අපගේ වැඩසටහන්

අපගේ වැඩසටහන් ගැන දැනගන්න, අපට උදව්කරන්න කැමති නම්, අපේ වැඩසටහන් පිටුවට පිවිසෙන්න.

බලන්න

අපි ගැන දැනගන්න

අපි ගැන දැනගන්න පහල යොමුවට පිවිසෙන්න.

වැඩි විස්තර
යළි පිබිදෙන හිරු දරුවෝ ලොගෝ පින්තුරය

යළි පිබිදෙන හිරු දරුවෝ සංවිධානය

අමරණිය හිරු ගොත් කුලයේ යළි පිබිදීම

 

මහා සම්මත සක්විති යුගයක, දස රාජ ධර්මයෙන් කටයුතු කරන හෙළ සමාජයක් බිහි කිරීම උදෙසා කලියුගයෙන් නව යුගයකට පියවර තබමු. එය අපේ ඒකායන අරමුණයි.

අහිමි කල ස්වයං පෝෂිත ආර්ථිකයත්, මුල් සිඳලූ ජාතිකත්වයත්, යටගැසූ හෙළ අභිමානය හා තාක්ෂණයත් නැවත ඉස්මතු කිරීමට, හිරු ගොත් කුලයේ යළි පිබිදීම මෙසේ ඇරඹු වගයි…

එකමුතු වෙමු

පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා බෙදී, නොයෙක් කුල, මල, ගෝත්‍ර හෝ වර්ගවාදී දැක්මකින් මනුෂ්‍යත්වයට හෑල්ලු කිරීම හෙළ ජාතියේ ලක්ෂණයක් නොවේ. අපේ පරම්පරා දෙක තුනක් ආපස්සසේ සිටි අයවළුන්ගේ අධූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා අද දුර්වල වී සිටින අපි, අභිමානවත් ජාතියක් ලෙස යළි නැගීසිටීම වෙනුවෙන් පළමු පියවර කොන්දේසි විරහිත ජාතික සමගිය ගොඩ නැගීමයි. ඒ සඳහා මග විවර කල හැක්කේ ඔබ තුල නිදා සිටින හෙළ විරුවා අවධි කලහොත් පමණමයි. එන්න ඔබත් අප හා අත්වැල් බැඳගන්න.

දැනුම්වත් වෙමු

ඔබ දන්නවාද ඔබේ රටේ සැබෑ ඉතිහාසය පිලිබඳ? ඔබ දන්නවාද ඔබේ ජාතියේ ශ්‍රේෂ්ටත්වය පිලිබඳව? ඔබ දන්නවාද බුද්ධ ධර්මයේ සැබෑ හරය පිලිබඳ? ඔබ දන්නවද ඔබ ජාතියේ ශ්‍රේෂ්ට වගකීම පිලිබඳ? මේ සියල්ලම හරියට නොදන්නාතාක්  ඔබට ඔබ ගැන පැහැදිළි අවබෝධයක් ඇති නොවේ. එන්න සත්‍ය පිලිබඳ දැනුම්වත් වෙන්න. ඔබව හඳුනා ගන්න.

අවබෝධයෙන් පෙළ ගැසෙමු

ඕනෑම ජන කොට්ටාශයක් බෙදී විසිරී සිටිනතාක් දුර්වලවනවා මෙන්ම, අනවබෝධයෙන් අනුන් පසුපස පෙළ ගැසීමත් විනාශයට හේතු වේ. එබැවින් එන්න, දැනුම්වත් වෙන්න, ඔබව හඳුනාගන්න, අවබෝධයෙන් පෙළ ගැසෙන්න. එය තම තමා තුලින් පටන්ගෙන සමාජයක්, ලෝකයක් වෙනස් කරවන සැබෑ බලවේගයක් වනු නොඅනුමානය. එකමුතුව අවබෝධයෙන් ප්‍රතිපත්ති ගරුකව පෙළ ගැසෙමු.

නව සාමාජික අදහස්

ගොඩක් ජාතික සංවිධාන සමඟ මම කටයුතු කර තිබෙනවා, සහ තවමත් කටයුතු කරනවා. නමුත් “යළි පිබිදෙන හිරු දරුවෝ” තරම් පැහැදිළි දැක්මක් සහිත ජාතිකත්වය වෙනුවෙන් අවබෝධාත්මක ගමනක් යන සංවිධානයක් මට මෙතෙක් මුණගැහිලා නැහැ. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් දිගටම මේ වැඩපිළිවෙල කරගෙන ගියොත් මේ සංවිධානයට දිනෙක අපේ රටේ නැවතත් හෙළ යුගයක් බිහි කල හැකිවන බව.

සුදේශ් ජයවීර

අලෙවි කළමනාකරු, පෞද්ගලික අංශය

“යළි පිබිදෙන හිරු දරුවෝ” ගැන මගේ ඇත්තේ වෙනස් මතයක්. ඔවුන් ඇත්තටම බුදු දහමේ හරය ප්‍රයෝගිකව මිනිසුන් අතරට ගෙනයාම තුලින් අපෙන් ගිලිහි තිබෙන සාරධර්ම සහ එකමුතුකම නැවත ඇති කරන්න උත්සහ කරන බව මට වැටහුනා. තරුණයන් වශයෙන් අපිට අපේ දැක්ම නිවැරදි මාවතක් ඔස්සේ ගෙනයන්න “හිරු දරුවෝ” සංවිධානයෙන් ලැබෙන අදහස් ඉතාමත් වටිනවා. ජය වේවා.

චෙනිත් ඉෂාංග

මෘදුකාංග ඉංජිනේරු, පෞද්ගලික අංශය

මේ “යළි පිබිදෙන හිරු දරුවෝ” සංවිධානයට එකතු වෙනකොට මම හිතුවේ මේකත් තවත් එක්තරා රැල්ලට ගසාගෙන යන සංවිධානයක් වෙන්න ඕනි කියලා. නමුත් මේ සංවිධානයට සම්භන්ධ වෙච්ච දවසේ ඉඳන් සෑම අවස්ථාවකදීම මගේ ජිවිතේ යහපත් ලෙස වෙනස් කරගන්න තරම් දැනුමක් දැක්මක් මේ සංවිධානය තුලින් මට ලැබුණා. ඉස්සෙල්ලම ඒකට හේතුවුන සියළුම සාමාජිකයන්ට මම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වනවා. ඔබත් මේ සංවිධානය එක්ක එකතු වෙලා සාකච්චා කරලා, විමසා බලන්න, එයයි මේ සංවිධානය ගැන දැනගන්න තියෙන හොඳම ක්‍රමය කියලයි මම හිතන්නේ.

ඉන්දික සම්පත්

අලෙවි විධායක, පෞද්ගලික අංශය

නිසැක ජයක් ලබමු

තවත් මනුෂ්‍ය කොට්ටාශයක් හිංසාවට පිඩාවට ලක්කොට හෝ වෙනත් ජාතියක් පාගා මිරිකා ද්වේශ සහගතව යුද්ධයකින් ලබන ජයක් සත්‍යවශයෙන්ම ජයකට වඩා මහා පරාජයකි. එය ශ්‍රේෂ්ඨ හෙලයෙකුට උචිත කටයුත්තක් නොවන්නේය. අංගම් සටන්ක්‍රම වැනි ලොව දියුණුම සටන්ක්‍රම අප රට තුල තිබුනත් අතීතයේ පටන්ම රට, ජාතියේ හෝ බුද්ධ සාසනයේ ආරක්ෂාවට මිස හිංසාවට, පිඩාවට භාවිතා කිරීමට අවසර නොතිබුනේ මේ නිසාය. අන්‍ය ජනකොට්ටාශ වලට ඇඟිලි දිගු කරන්නට පෙර අපි අපේ වැරදි සකස් කරගත යුතුය. අද වන විට රටේ බහුතර පිරිස සලකා අපේ තත්වය මෙසේ කිව හැකිය,

  • අපි ජාතියක් වශයෙන් යුතුකම් පැහැර හැර ඇත්තෙමු.
  • අපි අපේ ජාතියේ වගකීම බුද්ධ සාසනය ආරක්ෂා කිරීම බව අමතක කොට ඇත්තෙමු.
  • අපි අපේ උතුම් දහමේ හය හතරවත් නොදන්නා නමට “සිංහල බෞද්ධ” වන්නෙමු.
  • අපි ජාතියක් වශයෙන් දුර දිග නොසිතා කටයුතු කරන්නෙමු.
  • අපි පක්ෂ පාට බදාගෙන අවස්ථාවාදී දේශපාලනයේ නියැලෙන්නෙමු.
  • අපි අපේ දේශීය දැනුම පහත්කොට සලකන්නෙමු.
  • අපි පිට දේශයන්වල ගැත්තන් වී සිටින්නෙමු.
  • අපි අපේ දේශීය දැනුම නොසොයන්නෙමු.
  • අපි මත්පැන් හා මත්ද්‍රවය වලට ඇබ්බැහි වී ඇත්තෙමු.
  • අපි කාමාතුරයන් ලෙස හංවඩු ගැසෙන ජාතියක් වී ඇත්තෙමු.
  • අපි ආත්මාර්ථකාමී මිනිසුන් වී ඇත්තෙමු.
  • අපි සොබාදහමට පිටුපා මනෝ මන්දිරවල ජිවත් වෙන්නෙමු.
  • අපි ජනමාධ්‍යවලින් සමාජගත කරන වැරදි ආදර්ශ ගුරු කර ගන්නෙමු.
  • අපි අපේ අනන්‍යතාව නොදන්නෙමු.
  • අපි ආත්මාභිමානය හීන දුර්වල මිනිසුන් වී සිටින්නෙමු.
  • අපි අපේ මිනිසුන්ව අවිශ්වාස කරන්නෙමු.
  • අපි අපේ මිනිසුන්ගේ විශ්වාසය කඩ කරන්නෙමු.
  • අපි අපේ මිනිසුන්ට අවංකව උදව් උපකාර නොකරන්නෙමු.
  • අපි අපේ මිනිසුන්ටම ඉරිසියා ක්‍රෝධකම් කරන්නෙමු.
  • අපි අපේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ ආරවුල් ඇති කරගන්නෙමු.
  • අපි අපේ පාරම්පරික දේපළ, ඉඩකඩම් ලාභය පමණක් සලකා ඕනෑම කෙනෙකුට අලෙවි කරන්නෙමු.
  • අවසානයේ අපි කරන සියළුම වැරදි කෙසේ හෝ සාධාරණිකරණය කරගන්නෙමු.

නමුත් අපි අනුන් හදන්නට යන්නෙමු. අන්‍ය ජාතීන්ට ගරහන්නෙමු, ඔවුන්ගේ එකමුතුකමට ඊර්ශ්‍යා කරන්නෙමු. ඔවුන්ගේ සුක්ෂම සැලසුම් ගැන කථා කරන්නෙමු. ඒවාට හසුවුනේ ඇයිද යන්න ගැන කථා නොකරන්නෙමු. හේතුව දැන දැක හේතුවට පිළියම් කිරීම බුද්ධ දේශනාවේ අපට උගන්වන ක්‍රමවේදයයි. එබැවින් අපි මුලින්ම අපේ වැරදි හඳුනගමු, ඉන්පසු ඒවා හදාගමු. එතනින් පටන්ගෙන රට හදමු. එයයි අපේ ගමනාරම්භය.

අප හා එකතු වී වැඩසටහන් වලට සම්භන්ධ වී ඔබ ලබන අත්දැකීම්, ඔබ ලබන පළපුරුද්ද මඟින් තවදුරටත් කාගෙවත් අතකොළුවක් නොවී ස්වාධින හෙළයෙකු ලෙස මේ සමාජයට වැඩක් කර තමන්ටත් වැඩදායි ලෙස ආර්ය මාර්ගයට පිලිපින්නට හෝ රටට ණය නැති මිනිසෙකු ලෙසින් මියැදෙන්නට අවශ්‍ය මානසික ශක්තිය ලැබෙනු ඇත. මේ වන විටත් අප හා එකතු වී, වැඩකරන පිරිසෙන් කිහිපදෙනෙක්, අපි මත වුවත් පදනම් නොවී, ලැබූ අත්දැකීම්, ලැබූ අභාෂය සහ ලැබූ දැනුම තුළින්, රට දැය සමය වෙනුවෙන් ස්වාධින මෙහෙවරක් කිරීමට පෙළඹී තිබීම නිසා, මෙතුවක් අපේ ගමන් මඟ නිවැරදි බව අපට කිව හැකි අතර ඒ ගැන නිරාමිස සතුටක්ද ඇතිබව සඳහන් කළ යුතුය.

අවසානයේ කීමට ඇත්තේ, ඔබට ඔබේ ජාතිය වෙනුවෙන් සැබෑ ජයක් ලබාදීමට ඔබට අවශ්‍ය නම්, ඔබ අතින් ජාතියට සිදුවන වැරදි, අඩුපාඩු දැක ක්‍රමානුකූලව සකස් කරගන්නට අධිෂ්ඨාන කළ යුතු බවත් ඔබේ යුතුකම්, වගකීම් දැන නොපිරිහෙලා ඉටු කරන්න කැප විය යුතු බවත් හිතට ගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත්ය. එසේම තම තමන්ගේ නෑදෑ හිත මිතුරන්වත් තමුන් අවබෝධ කරගත් යථාවාදී සංකල්පයන් පිලිබඳ දැනුවත් කර පුළුල් සමාජ ආකල්ප සංවර්ධනයකට දායක විය යුතුය.

මෙසේ අන්ධයන් සේ මිරිඟු පසුපස දුවන අක්මුල් සිඳුණු ජන සමාජයක, නැවතත් මිනිස්කම පැල කරන්නට උර දීම තුලින්, මතු යම් දිනක ඔබට යහපත් විපාක ලැබෙනවා මෙන්ම, ඔබේ ජාතියටත් නිසැක ජයක් හිමි කරදෙනු ඇත්තේය.

හිරු දරුවන්ගේ කාර්යභාරය ලෙස අපි දකින්නේ, ජාතියක් වශයෙන් අපේ සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම එකී නිසැක ජය ලබනතෙක් අවශ්‍ය ආකල්පමය සංවර්ධනය සඳහා මඟ සකස් කර දීම සහ ජාතික ගැටළු වලට ප්‍රයෝගික විසඳුම් සෙවීමය. අපි ඔබ සමඟ අවසානයතෙක් පියවර මැනීමට සුදානම්ය. ඔබ ඔබේ අඩුපාඩු වෙතොත් ඒවා සකසාගෙන, ඔබව වෙනස් කරගෙන රට ජාතිය සහ සම්බුද්ධ සාසනය වෙනුවෙන් ආකල්පමය වෙනසක් කරන්න තරම් ආත්මශක්තියක්, ආත්මවිශ්වාසයක් සහිතද? එසේ නම් එන්න පහත සාමාජික අයදුම්පත පුරවා එකතුවන්න අප සමඟ.

අපට මෙසේ “අමරණීය හිරු ගොත් කුලයේ යළි පිබිදීම” ඉතිහාසයේ රන් අකුරින් සටහන් කළ හැකි දිනක් උදාවනු ඇත්තේය…

නව සාමාජික අදහස්

ඇත්තටම “යළි පිබිදෙන හිරු දරුවෝ” කියන්නේ මෙතෙක් බිහි වූ සියළුම ජාතික සංවිධාන වලට වඩා වෙනස් පැහැදිලි දැක්මක් සහිත අවංක සහ ධූරදර්ශි සංවිධානයක් බව ඔවුන් සමඟ වැඩ කරනකොට මට වැටහුනා. ඔබත් අපත් සමඟ එකතු වෙලා බලන්න ජය වේවා.

මේධා බටගොඩ

පරිඝණක ඉංජිනේරු, ශ්‍රී ලංකා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

“යළි පිබිදෙන හිරු දරුවෝ” කියන්නේ වෙනස්ම සංවිධානයක්. ඇත්තටම අපේ රටට අවශ්‍ය මේ වගේ දීර්ඝ කාලීනව වෙනසක් කරන්න පුළුවන් විදිහේ ප්‍රයෝගික වැඩපිළිවෙලක්. අපේ මිනිස්සු දේශපාලනය තුලින් විසඳුම් බලාපොරොත්තුවනතාක් දුර්වල බව මුළින්ම තේරුම් ගන්න ඕනි.  ඇත්තටම වත්මන් දේශපාලකයන්ට වඩා යමක් රටේ පුරවැසියන් ලෙස අපට එකමුතු වෙලා කරන්න පුළුවන් කියන කාරණයට හොඳම උදාහරණය තමයි මේ සංවිධානය කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්.

අකිල ගුණතිලක

ගිණුම්කරු, පුද්ගලික අංශය

මේ සංවිධානය තුල මම දකින ප්‍රධානම වෙනස තමා දේශපාලන මතිමතාන්තර ඉදිරිපත් කිරීම තහනම් වීම. ඇත්තටම මේ පක්ෂ දේශපාලනය නිසා අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච හානිය ගැන යම් අවබෝධයක් තිබෙන නිසා මම පැහැදිලිවම මේ ප්‍රතිපත්තියට එකඟ වෙනවා. තවදුරටත් රටේ දුෂ්කර පන්සල් වලට මාස්පතා අවශ්‍ය දානමය ද්‍රව්‍ය යැවීම, දුශ්කර පලාත්වල දරුවන්ට අධ්‍යාපනික උපකරණ ප්‍රධානය වැනි භාරදූර වගකීමක් ගන්න තරම් මේ සංවිධානය සතු ශක්තිය මම මුලින්ම අගය කරනවා. දිගටම සාමාජිකයෙක් ලෙස හැකි සෑම අයුරකින්ම උදව් කරනවා. ජය වේවා.

හේමාල් ගමගේ

ව්‍යාපාර හිමිකරු, පුද්ගලික අංශය

සාමාජිකත්ව අයදුම්පත

අපට නොගැලපෙන චර්යා රටා බදාගැනීමෙන් සහ වැරදි මුලධර්ම ඉගෙනීමෙන්,  අපටත් හොරෙන් අපෙන් යටපත්වන හෙළ ජාතිකත්වය සහ හෙළ සභ්‍යත්වය නැවත නිවැරදි මග පෙන්වීමක් ඔස්සේ පුබුදුවාලීමට නොපමාව පෙළ ගැසිය යුතු කාලයයි මේ. එන්න ඔබත් අප හා අත්වැල් බැඳගන්න.

අයදුම් කරන්න