ජනාධිපතිතුමනි! මේ ඔබේ අවධානයටයි… රටේ ඉතිහාසයවත් හරිහැටි නොදත් බටහිර අධ්‍යාපන ක්‍රමය තුල ලබාගත් අසම්පුර්ණ උගත්කම තුල පිහිටා නීතිය පිළිබඳවම කටයුතු කරන වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයකු ප්‍රසිද්ධියේ මාධ්‍යවලින් “මේ රට සිංහලයන්ගේ බව ලියාතිබෙන්නේ කොහේද?” යැයි විමසීමට පිළිතුරක් වශයෙන් මෙහි අමුණා ඇති චායාරුප ඉදිරිපත් කලෙමි. මෙහි ඇත්තේ 1972 ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා වීමට පෙර 1815 ගිවිසුම් පත්‍රයේ සිංහල පිටපත වශයෙන් හඳුන්වන රටවැසියාට ප්‍රදර්ශණය කල දැන්වීම් පත්‍රයයි.

sinhale notation

මෙහි ඇත්තේ රටේ නමෙන්ම පැහැදිළි වන සිංහලයන්ගේ රට බවට වූ නිත්‍යානුකුල ලියවිල්ලකි. මෙහිදී පැහැදිළිව පෙනෙන අයුරින් අදහන ආගම අනුව සිංහලයන් බෙදා නොතිබුණු අතර රටේ ජාතිකත්වය තුල එක් ජාතියක් වශයෙන් සිංහලයන් විය. පසුකාලින ඉංග්‍රීසි ජාතිකයන් සිදුකල ආණ්ඩුක්‍රම සංශෝධන තුලින් බිහිකළ ආගමික වශයෙන් විවිධ ජාතීන් අතර ඇති කළ සංකල්පමය බෙදීම් ඔස්සේ පෝෂණය වූ බෙදුම් වාදය මීට වසර කිහිපයකට පෙර අවසන්වූ කුරිරු යුද්ධය ඇතුළු බොහෝ ජාතිවාදී ගැටුම් බිහිවීමට මුල්වී තිබෙන බව අප දැන්වත් වටහා ගත යුතුව ඇත. නැවතත් නිවැරදිව රටේ ඉතිහාසය අනිවාර්ය කර රටේ සියළු ජාතින්ගේ පාසැල් සිසුන්ට ඉගැන්වීම තුලින් රටේ අනාගත පරම්පරාව හෝ මෙවන් දුර්මත වලින් වැළකෙනු ඇත.

නිවැරදිව ඉතිහාසය රටවැසියාට අධ්‍යාපනය ඔස්සේ ලබා නොදෙන මෑතකාලීන අධ්‍යාපනය හේතුවෙන් උද්ගතව ඇති ගැටළුවලට ප්‍රභල උදාහරණයක් ලෙස රටේ නිතිය පිලිබඳ වගකිවයුතු නිලධාරීන් විසින් මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමම පෙන්වා දිය හැකිය.

කෙසේ නමුත් මෙවන් අවස්ථාවක නොයෙක් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් නිහඬව සිටීම ඔබව විශ්වාස කළ සහ ඔබ පාලනය කරන වත්මන් ශ්‍රී ලංකාව ලෙස නම වෙනස් කර ඇති සිංහලේ නම් රටේ, මුල් රටවැසියන්ට, ඔබ අපගේ වර්තමානය වෙනුවෙන් එදා දිවි පුජා කළ විරෝධාර මුතුන් මිත්තන්ට සහ රටේ බහුතර සිංහල ජනතාවට ඔබෙන් ඉටු විය යුතු වගකිමක් සහ යුතුකමක් පැහැර හැරීමක් නොවන්නේද?
කරුණාකර සාවධානව විමසන්න…

අපි ඔබෙන් මේ අවස්ථාවේ රටේ මුල් ජනකොට්ටාශය සහ තවමත් බහුතර ජනකොට්ටාශය වශයෙන්, රටේ සාමකාමී අනාගතය වෙනුවෙන් බුද්ධිමය පියවරක් බලාපොරොත්තු වෙමු.

සම්පුර්ණ නොතීසිය කියවන්න. (NOTICE) : http://extrazoom.com/image-35354.html