මෙවර වෙසක් එකට කූරගල වඳින්න යන අපේ බැතිමතුන්ට දන්සැලක් දෙමුද?

වෙසක් එකට කූරගල වඳින්න යන අපේ බැතිමතුන්ට ගමේ පිරිසක් එක්ක එකතු වෙලා දන්සැලක් දෙන්න අපි තීරණය කළා. මේ දන්සැලට අපි අනුග්‍රහය දක්වන දෙවන වතාව. ඒ නිසා මේකට අපිට බලංගොඩ අවට ප්‍රදේශයෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

බලංගොඩ සිට කුරගල දක්වා වෙසක් දවසේ උනත් දන්සල් ඇත්තේ අවම ප්‍රමාණයක් නිසා දුර බැහැර සිට පැමිණෙන අපේ බැතිමතුන් පත්වන අපහසුතාව මඟහැර ගන්න මේ දන්සැල හේතු වූ බව ගියවර සහභාගී වූවන්ගේ ප්‍රතිචාරවලින් අප දැනගත්තා. ආහාර ගන්න වෙළඳසැල් පවා අඩු එම ප්‍රදේශයේ කුරගල බෞද්ධ උරුමය දැක බලාගන්න පැමිණෙන බැතිමතුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ජාතික සංවිධානයක වගකීම බව තේරුම් ගත්ත අපි, ඒ වෙනුවෙන් මෙවරත් ඉදිරිපත් උනා.

ඇත්තටම මේ කටයුත්ත ගමේ පිරිසක් මුල් වෙලා තමා සිදු කරන්නේ, අපි අවශ්‍ය මුල්‍යමය අනුග්‍රහය දැක්වීම පමණක් සිදු කරනවා. අද ඔය ප්‍රදේශයේ තිබෙන තත්වය නිසා හොඳ වැඩකට උනත් අනවශ්‍ය ගැටළු ඇති වීම වලක්වන්න එවැනි පියවර ගන්න වෙනවා.

කල්තොට පාරේ කුරගලට හැරෙන හන්දියේ උදේ 8.00 සිට හවස 4.00 තෙක් දන්සැල දෙන්න බලාපොරොත්තු වෙන නිසා ටිකක් ලොකු මුදලක් වැයවෙන බව ඇස්තමේන්තු ගත කෙරුණා. ඒ හින්දා මේ වැඩේට උදව් කරන්න කැමති ජාතිමාමක පිරිසට අපි ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියල ආරාධනා කරනවා.