2015-11-17 දින යළි පිබිදෙන හිරු දරුවෝ සමිතියේ සාමාජිකයින් වන අප විසින් කරන ලද ක්ශේත්‍ර චාරිකාවක් අතරතුරදී මුහුදු මහාවිහාරයේ ගරු විහාරාධිපතීන් වහන්සේ වන පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමිගේ අදහස් දැක්වීම් ඔස්සේ දැනගන්නට ලැබුණු විස්තර අනුව මුහුදු මහා විහාරයේ දැනට භික්ෂුන් වහන්සේලා කිහිප නමක් වැඩවාසය කරන බවත් විහාරස්ථානයේ සහයෝගයට පැමිණෙන පුද්ගලයන් සහ ආවතේවකරුවන් හෝ විශේෂ ආගන්තුකයින් ඇතුළුව එක වේලකට දළ වශයෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ සිටින බවත් දැනගන්නට ලැබුණි.

දැනට මේ දානය ආරක්ෂක අංශ විසින් ලබාදෙන අතර එය ආරක්ෂක අංශ වලට පිළියෙළ කල පසු ලැබෙන නිසා දානය ලැබෙන කාල වෙලාව පිලිබඳ ගැටලුව සහ උන්වහන්සේගේ අසනීප තත්වය අනුව වැළඳිය යුතු ආහාර සිමා සහිත වීම බලවත් ගැටලුවක් බව පැවසුනි. දැනට හැකි පමණින් ආහාර පිසීම සිදු කරන අතර ඒ සඳහා අරක්කැමියකු සිටින බවත් පැවසුණී.

අන්තවාදී කණ්ඩායම්වල තර්ජනයට ලක්ව තිබෙන එම ප්‍රදේශයේ සිංහල බෞද්ධ දායකයන් හිඟකම නිසා දාන වේල නිසියාකාරව නොලැබෙනා බව දුටු අතර ඒ සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් කඩිනමින් සැකසීම රටේ ජාතික සංවිධාන වල අවධානය යොමු විය යුතු කාලීන වගකීමක් බව අප සිතුවෙමු.

එබැවින් එම වගකීම ඉටු කිරීමට මුල් පිරීමක් වශයෙන් සෑම මසකම ආරම්භක සතියට පෙර දිනයකදී විහාරස්ථානයට අවශ්‍ය වියලි ආහාරද්‍රව්‍ය සැපයීම අප සංවිධානයේ පුර්ණ අධීක්ෂණය යටතේ පොතුවිල් පොලිසියේ උදව් උපකාර ඇතිව පොදු ප්‍රවාහන සේවයක් (සාමාන්‍ය මගී ගමනා ගමන බස් රථ සේවය) හා එක්ව සිදු කිරීමට විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ සමඟ කතිකා කරගත්තෙමු.

මේ ජාතික වගකීමට උරදීමක් ලෙස ඔබගේ/ඔබ සංගමයේ සහයෝගය අපවෙත ලබාදීමට හැකි නම් ඒ පිලිබඳ අපගේ ස්තුති පුර්වක කෘතඥතාව පළකර සිටිමු. වැඩි විස්තර සඳහා 0716905344 යන දුරකතන අංකය ඔස්සේ අපව සම්භන්ධ කරගැනීමට හැක.

මෙයට,
විශ්වාසී,
ගරු ලේකම්
යළි පිබිදෙන හිරු දරුවෝ සමිතිය