පහතින් දැක්වෙන්නේ සිංහලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කොට ශක්තියෙන් ගුණයෙන් දුර්වල අවසිහියෙන් කටයුතු කිරීමට අධිරාජ්‍යවාදී ආක්‍රමණය බලපෑ අයුරු ගැන ඔවුන්ගේම ලේඛන ඔස්සේ ලබාගත් සාක්ෂි කිහිපයකි. ඔබත් අවංකවම ඔබේ දූ පුතුන්ගේ අනාගතය ගැන වගකීමක් ඇත්තෙක් නම් අදම වෙනස් වන්න මෙයම හේතුවක් කරගන්න. ඔබගේ නොසැලකිල්ල මුළු මහත් ජාතියටම වන්දි ගෙවන්න සිදුවන වැරැද්දක් විය හැකි බව සිහි තබා ගන්න.

බේබදුකම

බේබදුකම

ඔවුහු (ලාංකික ජනතාව) බේබදුකම තද පිළිකුලක් දක්වති. මේ පුරුද්දට ඇබ්බැහි වූ අය ඔවුනතර සුලභ නොවෙති. –ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් 1660- 1679

බේබදුකම පුරුදු කිරීමෙන් ඉංග්‍රීසි පාලනය මේ රට පුරා ශාපයක් පතුරුවා ඇත. ලංකා ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි. 1872 – 1876

රටවැසියන්ගේ විරුද්ධකම කුමක් වුවත් ඒ ගැන නොසලකා රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම සෑම ගමකම තැබෑරුම් පිහිටවනු ලැබේ. මිනිසුන් හට මද්‍යසාර පාවිච්චි කිරීමෙන් ලැබෙන රසය කුමක් දැයි පෙන්වීමට නිතරම පාහේ මුලින් ඔවුනතර නොමිලයේ බෙදා හැරීමට සිදුවේ. දැනට ගම්වැසියන් අතර බේබදුකම කොතෙක් දුරට පැතිර තිබේ දැයි කිවහොත් සමහර ගම්මු අරක්කු ලබා ගැනීමට තමන්ගේ අස්ස්වැන්න පවා තැබෑරුම් කාරයන්ට උගස් කරති. එහෙත් මේ පුරුද්ද ඇතිවීමට අවුරුදු කීපයකට පෙර මත්පැන් බීමට පෙළඹිය හැකි මිනිසුන් සියයකින් එක අයෙක්වත් නො සිටි පළාත් ගැන මම දනිමි. ආණ්ඩුව තමන් හට අරක්කු වලින් විශාල මුදලක් ලැබේය යන කල්පනාවෙන් පෙළඹීමට පත්ව සිය ඒජන්තවරුන් ගේ මාර්ගයෙන් මුළු රටේම මද්‍යසාර පාවිච්චි කිරීමට ධෛර්‍යවත්ව උනන්දු වී සිටී.මේජර් ස්කිනර් – පනස් අවුරුදු ජීවිතය ලන්ඩන් 1891