මෙම පුන්‍යක්‍රියාව හිරු දරුවෝ සංවිධානාත්මක ලෙස ව්‍යුහගතවීමට පෙර සිදු කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

හෙළ දෙරණේ දී අප සිංහල ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලුම මුතුන් මිත්තන් වෙනුවෙන් සිදු කරන ලබන කෘතගුණ සැලකීමේ මහා පුන්‍ය කර්ම මාලාවේ පලමු පියවර.

හෙළ දෙරණ හා සිංහල ජාතිය වෙනුවෙන් මේ රටේ ආරම්භ වුයේ යම් දිනකද එතැන් පටන් රට ජාතිය ආරක්ෂා කිරීමට දිවි පිදූ සියලුම අපගේ මුතුන් මිත්තන් වෙනුවෙන් සිදු කරන ලබන කෘතගුණ සැලකීමේ මහා පුන්‍ය කර්ම මාලාවේ පළමු පියවර ලෙස සාංඝික දානමය පුණ්‍ය කර්මයක් මගින් මියගිය හෙළ විරැවන් සියලුදෙනාට පිං අනුමාදන් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළෙමු. ඒ සදහා….

1. ප්‍රතිපත්තිමය වශයෙන් සියලුම සාමාජිකයන් පින්කමට ප්‍රථම අවම සතියක නිර්මාංශ පිලිවෙතක් අනුගමනය කිරීම.
2. අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට ශ්‍රම දායකත්වය ලබා දීම.
3. අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට ආධාර කිරීම.
4. භික්ෂු/භික්ෂුණී දෙපිරිසටම සාංඝික කල දානමය පිංකමක් සංවිධානය කිරීම.
5. භික්ෂුණීන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරන ධර්ම දේශනා 2ක් සංවිධානය කිරීම.
6. විහාරස්ථානයේ හඳුනාගත් අඩුපාඩු සඳහා ආධාර කිරීම.

සිදු කිරීමට බලාපොරොත්තු වූ අතර එය සාර්ථකව සිදු කෙරුණි. මේ පුන්‍ය කර්මය තුලින් ලැබෙන පුන්‍ය ශක්තිය අතීත හෙළ විරුවන් වෙනුවෙන් අනුමෝදන් කිරීම අපගේ මුලික අරමුණයි. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පෙට්ටගන්කන්ද ප්‍රදේශයේ, පෙට්ටගන්කන්ද ආරණ්‍ය සේනාසනය (ඉසිසර තපෝවනය) තෝරාගෙන ඒ කාර්ය සාර්ථකව ඉටු කෙරුණි.
මෙම ආරණ්‍ය සේනාසනයේ භික්ෂු සාසනය හා භික්ෂුණී සාසනය යන දෙකම වෙන වෙනම පැවතීම නිසා, භික්ෂු/භික්ෂුණී දෙපිරිසටම සාංඝික කල ඉතා බලවත් දානමය පුන්‍ය කර්මයක් සිදුකර ගැනීමේ අති දුර්ලභ අවස්ථාව ලැබුණි. තවද ඉතා දුෂ්කර හා මඳ වශයෙන් සැදැහැවතුන්ගේ අවධානය ලැබී ඇති භාවනායෝගී භික්ෂූන් සිටින මෙවන් ස්ථාන නඟා සිටුවීමේ මහඟු කර්තව්‍යයේ කොටස්කරුවන්වීමටද අවස්ථාවක් ලබා ගත හැකි විය.ගම්පහ – කිරිඳිවැල මාර්ගයේ යක්කල නගරය පසුකර කිරිඳිවැල දෙසට ගමන් කිරීමේදී දික්කන්ද හන්දියෙන් බැස පෙට්ටගන්කන්ද ආරණ්‍ය සේනාසනය වෙත ගමන් කල හැකි අතර මෙම ස්ථානය ( https://www.google.com/maps… ) රාවණ යුගය හා බොහෝ නෑකම් කියන අතර වළගම්බා රජතුමා තම සේනා සංවිධානය කිරීමට භාවිතා කල ස්ථානයක් ලෙසද සැලකෙනවා. සැබෑ ඉතිහාසය සෙවීමට වැඩි නැඹුරුවක් දක්වන මෙවන් අවධියක මෙවන් කර්තව්‍යයකට ජාතිය ආගම පිලිබඳ අවංක ඇලමක් දක්වන, පින් කැමති සහෝදර සහෝදරයන් සහභාගී වූ අතර 2013 ජනවාරි මස 19 (සෙනසුරදා) සහ 20 (ඉරිදා) යන දෙදින තුල මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.ලබා දුන් ආධාර :

විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා :
සිමෙන්ති , වැලි, ගල් හා ඉදිකිරීම් උපකරණ යනාදිය.

විහාරස්ථානවල භාවිතයට :
මදුරුදැල් , ඇඳ ඇතිරිලි , කොට්ට උර, වලං, පිඟන් , විදුලි බුබුළු, කුණු බහාලුම් , විදුලි පන්දම් යනාදිය.

විහාරස්ථානවල සිටින භාවනා යෝගීන්ගේ පරිභෝජනයට :
කිරිපිටි පැකට්, සිවුරු පිරිකර , දත් බුරුසු , දත් බෙහෙත් , සහල් , තේ කොල , සීනි යනාදී වියලි ආහාර ද්‍රව්‍යය.