අද අපි කාහටත් ඇති ප්රනශ්නයනම් ජාතියක් විදියට අපි යලි පෙලගැසෙන්නේ කවදාද යන්නයි. අපගේ උරුමයන් අමු අමුවේ විනාශ කරන ඉතිහාසය විකුර්තිකරන අය අප අතුරින්ම බිහිවීම පුදුම සහගත කරනකි. මේ සියල්ලටම හෙතුව චින්තයනි. මේ මහ පොලවේ ඉපදිලා අපේ දේවල් ප්රුතික්ශේප කරන ආනයනික දේ අගයන තුප්පැහි චින්තනයක් අප බහුතරයකට උරුම වුනේ කොහොමද?

භාශාව සාහිත්යත නර්තනය ඇඳුම් පැලඳුම් ශිල්ප විද්යාදව ඇවතුම් පැවතුම් අහාර පාන ආදිය එකතු වූ තැන එක් එක් ජාතීන්ට අනන්ය් වූ සංස්කෘතිය ගොඩනැගෙයි. සංස්කෘතිය බිඳ වැටුන තැන ජාතිය විනාශ වෙයි. අප ජාතිය දිහා විමසා බලන විට අද බොහෝ විට ශේශව පවතින්නේ භාශාව පමනි. එයිනුත් අප අතරින් නිවැරදි ලෙස බස හැසිර විය හැක්කේ ඉතා අල්ප පිරිසකට පමනි. ගෝලීය කරනය යන නියාය යටතේ අප සියල්ල විශ්ව ගම්මානයක කොටු කර ඇත. එකිනෙක ජාති ගෝත්ර වලට අනන්යි සියලු දෑ අත් හැර බොහෝ විට බටහිර රටවල් වල සංස්කෘතීන් ඒ හරහා වැලඳගෙන ඇත.

නමුත් සැබෑ ලෙසම ඕනෑම ජාතියක සංස්කෘතිය පෝශනය වීමට භූගෝලීය වශයෙන් එම ජාතිය ජීවත් වන ස්තානය භූවිශමතාවය දේශගුනය බලපාන්නේය. අනෙකුත් සියලු සතුන් මෙන්ම මින්සා ස්වාබාව දර්මයේ නිර්මිතයක් නිසා එම මින්සා ජීවත් වන පරිසරය අනුව ඔහුගේ ආහර පාන රටාව සකස්වී ඇත. ලොව දියුනු සියලුම දි ජාතීන් හට බොහෝ සරු සාර ආහාර පාන රටාවක් ඇති බව අප අවබෝද කරගත යුතුය. ජාතියක් විනාශ කිරීමට ආහාර පාන වෙනස් කල යුතු බවට සුද්දා අවබෝද කරගෙන සිටියේය. ඔවුන් බොහෝ සීරු මාරුවට අපව ඔවුන්ගේ ආහාර පාන රටාවට හුරු කෙරුවේය. කුරාක්කන් පිටි වෙනුවට පාන්පිටිටි හන්දුන්වාදීම එයට කදිම උදාහර්යනයන්ය. සියලු දේශීය වී වර්ග අප අතරින් ඈත්කරන ලදී. ඊට විකල්ප ලෙස මෙම පරිසරයට ඔරොත්තු නොදෙන බීජ වර්ග හඳුන්වාදෙන ලදී. අපගේ එලවලු වලටද සිදු වූවේ ඒ ආනිසංසයමය. ඇයි පලතුරු ටික? දැන් වැඩි හරියක් ඇත්තේ මැලේශියන් ඊවාය. ඇට නැති ගස් ලබු අපි කෑමට ප්රියය කරන්නෙමු. ඉතින් එම වගාවන් සඳහා නිතැනිම වල්නාශක කෘමිනාස්ශක භාවිතයට ආවේය. වකු ගඩු පිලිකා ආශ්රිකට රෝග සීග්රරයෙන් පැතිරීමේ ආරම්බය මෙයයි.

අවුරුදු සීයක් නිරෝගීව ජීවත් වෙච්ච ජාතියට අද අර්ධ ශතකය සම්පූර්න කිරීම බොහෝ බැරෑරුම් ප්ර්ශනයක් වී ඇත. පියා පමනක් ගොවිතැන් කරල ලමයි 10ක් 12ක් හදපු ජාතියකට අද ලමයි දෙන්නෙක් හදන එකත් මහා අවදානමක් වී ඇත. රෝහල් රක්ශන ජීවිත රක්ශන අපේ ගැලවුම් කරුවන් වී ඇත. ලෙඩ රෝගවල ස්වාබාවය අනුව මෙම රක්ශන කරුවන් අපගේ අවශ්ය් තාවයන් සපුරාදීමට සැදී පැහැදී සිටිති. රෝගී ජාතියක චින්තනය ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත.

අපි මේ මහපොලවේ ස්වාබයෙන් ජනිතවන කෑම භීම ටික ප්ර්තික්ශේප කරන තාක් කල් අපි මේ මහ පොලවත් මේ මහා සංස්කෘතියත් ප්රනතික්ශේප කරන්නෙමු. ඒ ස්වාභාව දර්මයේ නියායයි. කොල කැඳ ලුනු කැඳ කොස් පොලොස් කුරක්කන් ටික කනකන් අපේ මේ ප්ර ශ්න ටිකට කොහොම විසඳුම් සෙව්වත් වැඩක් වන්නේ නැත. ආහාර විප්වලය තුලින් අනෙකුත් සිය්ලු විශය ක්ශෙත්රමයන්ද ජය ගත හැකි වනු ඇත.