Month: November 2016

2016 දෙසැම්බර් මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 සෝයා මීට් කි.ග්‍රෑම්. 5 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ලුණු කුඩු පැකට් 10 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර...

තවදුරටත් කියවන්න

අද මොනරවිල කැප්පෙටිපොල වීරයාගේ දවසයි.

මීට පුරා වසර 192 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණය කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්‌ වේ. එනම් ක්‍රි.ව. 1818 ක්‌වූ නොවැම්බර් මස 26 වැනි දින ලක්‌දිව කන්ද උඩරට බෝගම්බර නම්වූ ස්‌ථානයේ දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ නම්වූ අභීත සිංහලයෙක්‌ වධකයා ඉදිරියේ තම බෙල්ල දංගෙඩිය මත තබන අවස්‌ථාවේදී මාරයාට අභියෝග කොට වරක්‌ මරු පරදවා දෙවැනුව මරණයට පත්විය. එක්‌ කඩු පහරකින් බෙල්ල ගසා දැමීමට වධකයාට නොහැකිවූ...

තවදුරටත් කියවන්න

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා බොදු අයිතිය රැක ගැනීමේ වගකීම

දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීම හා රජය මගින් භික්‌ෂූන්ට නායක පදවි පත්කිරීමෙන් වැළකීම බුද්ධාගම ඈත් කිරීමේ එක්‌ පියවරකි. දළදා වහන්සේ යනු සිංහළේ රාජ්‍යත්වයේ සංකේතය යි. ඉංග්‍රීසීන් එය ආපසු බෞද්ධයන්ට පැවරුවේ රජය හා බුද්ධාගම අතර බැඳීම දුරුකිරීමටයි. සංඝ නායක තනතුරු පත්කිරීමේ පැරැණි රජ සිරිත කඩ කිරීමත්, ඉංග්‍රීසීන් භික්‌ෂූන්ගේ කටයුතුවලින් මිදීමට දැරූ වෑයමකි. 1848 කුඩාපොල හිමියන්ගේ ඝාතනයෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පත්කෙරුණ පරීක්‍ෂණ කමිටු වාර්තාවෙන් ඉංග්‍රීසි ආණ්‌ඩුව බුද්ධාගම ඈත්කරන්නට දැරූ වෑයම කැරැල්ලට එක්‌ හේතුවක්‌ බව එළිදරව් වෙයි. පුරන් අප්පුට ඔටුනු පැළැන්දූ දඹුලු විහාරයේ නාහිමියන් ඔබගේ පක්‍ෂපාතකම් බුද්ධාගමට ද නැත්නම් බ්‍රිතාන්‍ය ආගමට ද? කියා ඔහුගෙන් ප්‍රශ්න කළ බව උන්වහන්සේගේ කට උත්තරයේ...

තවදුරටත් කියවන්න

පසුගිය කරුණු