Month: May 2016

2016 ජුනි මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

අප සමිතිය භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 සෝයා මීට් කි.ග්‍රෑම්. 5 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ලුණු කුඩු පැකට් 10 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර පාර්සල් කට්ටලයක් විහාරාධිපති...

තවදුරටත් කියවන්න

සිංහල ඔබ තවමත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද? එසේ නම් අනිවාර්යෙන් කියවන්න.

පහතින් දැක්වෙන්නේ සිංහලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කොට ශක්තියෙන් ගුණයෙන් දුර්වල අවසිහියෙන් කටයුතු කිරීමට අධිරාජ්‍යවාදී ආක්‍රමණය බලපෑ අයුරු ගැන ඔවුන්ගේම ලේඛන ඔස්සේ ලබාගත් සාක්ෂි කිහිපයකි. ඔබත් අවංකවම ඔබේ දූ පුතුන්ගේ අනාගතය ගැන වගකීමක් ඇත්තෙක් නම් අදම වෙනස් වන්න මෙයම හේතුවක් කරගන්න. ඔබගේ නොසැලකිල්ල මුළු මහත් ජාතියටම වන්දි ගෙවන්න සිදුවන වැරැද්දක් විය හැකි බව සිහි තබා ගන්න. ඔවුහු (ලාංකික ජනතාව) බේබදුකම තද පිළිකුලක් දක්වති. මේ පුරුද්දට ඇබ්බැහි වූ අය ඔවුනතර සුලභ නොවෙති. –ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් 1660- 1679 බේබදුකම පුරුදු කිරීමෙන් ඉංග්‍රීසි පාලනය මේ රට පුරා ශාපයක් පතුරුවා ඇත. ලංකා ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි. 1872 – 1876 රටවැසියන්ගේ විරුද්ධකම කුමක් වුවත් ඒ ගැන නොසලකා...

තවදුරටත් කියවන්න

ආපදා තත්ත්ව දත්ත සමීක්ෂණ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

ආපදා සහන සේවා කඳවුරුවල සැබෑ තත්වය සහ සමීක්ෂණයකින් පසු දත්ත එකතු කරගැනීමේ අදහසින් යළි පිබිදෙන හිරු දරුවෝ විසින් යටියන්තොට, හංවැල්ල, සහ කඩුවෙල ප්‍රදේශවල සිදුකළ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව. මෙහිදී මේ වනවිට සියළුම ආධාර රජයේ මැදිහත්වීමෙන් බෙදාදීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යයාල හරහා අපදා සහන ඒකකය මඟින් කටයුතු සිදුවන බවත් දැනගන්නට ලැබුණි. කෙටි කාලීනව අවශ්‍ය ආධාර සියල්ලම පාහේ යටියන්තොට ප්‍රදේශයට ලැබුණු බව දැනගන්නට ලැබුණි. කෙලින්ම කඳවුරක් සම්බන්ධ කරගැනීමේ අවස්ථාව නොලැබුණි. දැනට ගෙවල් 29කට අර්ධ හානි සහ ගෙවල් 10කට පුර්ණ හානි සිදුව ඇත. මේ සඳහා ආධාර පතයි. කඩුවෙල, රණාල සහ හංවැල්ල ප්‍රදේශවල තවමත් නිසියාකාරයෙන් මෙම සහන කටයුතු සිදු නොවන අතර කිසිම...

තවදුරටත් කියවන්න

2016 මුහුදු මහා විහාරයේ වෙසක් කුඩු ආලෝකකරණය

මුහුදු මහා විහාරයේ බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම පිණිස සිදු කරනු ලබන වෙසක් පහන් කුඩු 500ක වෙසක් ආලෝක පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය 5W බල්බ 500ත්, හෝල්ඩර් 500ත්, වයර් මීටර් 1800කුත් ලබාදීමට යළි පිබිදෙන හිරු දරුවන්ට හැකි වූ බව සතුටින් නිවේදනය කරමු. විශේෂ ස්තුතිය : වයර් මීටර් දහසකින් ආධාර කළ කැළණි කේබල්ස් පුද්ගලික ආයතනය. සංවිධානය ගැන සහතික කළ අතිපුජ්‍ය මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේ. ප්‍රවාහනය සඳහා උදව් කළ ලං.ග.ම. “කොළඹ – පානම” සාමාන්‍ය මගී ප්‍රවාහන සේවයේ සේවක මහතුන්. මේ සඳහා ආධාර කළ ඔබ සැමට අපගේ ස්තුතිි පූර්වක පුන්‍යානුමෝදනාව සිදු කරමු.   මුහුදු මහා විහාරයේ විදුලි ආලෝක පුජාව මුහුදු මහා විහාරයේ විදුලි ආලෝක...

තවදුරටත් කියවන්න

කුරගල වෙසක් මහා දන්සැල

2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල 2016 කුරගල දන්සැල කූරගල දන්සැල දැනුම්වත් කිරීම කූරගල දන්සැල දැනුම්වත්...

තවදුරටත් කියවන්න

පසුගිය කරුණු